රටේ අධ්‍යාපනයේ වෙනසක් ?


නව වසරේ දි නව අධ්‍යාපන ප්‍ර‍තිපත්තියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ පනත ජනවාරි මාසයේ දී ගෙන එන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු කියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් 2016 අයවැයෙන් ඉල්ලා සිටි මුදලින් සියයට 90ක් ලැබීමට යෝජනා වී තිබීම සතුටට කරුණක් බවයි.