රටවල් පහකින් අවුත් ත්‍රිමල පුහුණුව ලබති


ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමල පුහුණු පාසලේදී මාස තුනක අසම්මිතික සංග්‍රාම පුහුණුව ලද 22ක් ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ අතින් බ්‍රහස්පතින්දා (18) රාත්‍රියේ සහතිකපත් ලදහ.

බංගලිදේශය, පාකිස්ථානය, චීනය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ තෝරාගත් නැවියෝ එහිදී පුහුණුව ලදහ.

සම්ප්‍රදායික යුද උපාය සහ මූලික පහසුකම් නිසා කොටින් සමග පැවති තිස් අවුරුදු යුද්ධය දිනා ගැනීමට හැකි වූ බව ලේකම් එහිදී පැවසීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් දමයන්ත ධර්මසිරිවර්ධන මහත්වරු ද පැමිණ සිටියහ.