රටවල් 33 ක රාජ්‍ය නායකයෝ එති


අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික රංග ශාලාවේදී බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා මේ වන විට රටවල් 33 ක රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නායකයින් නියෝජනය  කරන නියෝජිතයින් දිවයිනට පැමින ඇත.

 බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසිලන්තය, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, බංගලිදේශය, බේලීස්, ස්වාසිලන්තය, සැමෝවා, වනාටු, ශාන්ත කිට්ස් නේවිස්, බෘනායි යන රටවල අගමැතිවරුද, නයාරු, නැමිබියා, බහමාස් සහ සොලමන් දුපත් සහ ෂි ශෙල්ස්  හි ජනපතිවරුද, උගන්ඩා, නයිජීරියා, සැමිබියා සහ ගානා සහ පැපුවා නිව්ගීනියා යන රටවල්හි උප ජනපතිවරු මේ අතර වෙති.