රටවල් 20ක ආයෝජක සමුළුවට ජනපතිත් යයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ  සිනමන් ලයිෆ් හෝටලයේ දී අද(18) පැවැත්විණි.

රටවල් 20ක ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින Disrupt Asia 2025 ඊයේ (17) දින ආරම්භ වූ අතර ලබන 20 දක්වා පැවැත්වේ. 

ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණ වේ.

නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරි ගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමඟින් මනා පිටුබලයක් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.