රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පුහුණුකරුවන්
”නවදිල්ලි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල (2013) ඉලක්ක කරමින් ක‍්‍රීඩා ඉසව් ගණනාවක් සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.
ඒ අනුව දුන්නෙන් විදීම, මලල ක‍්‍රීඩා, බැඞ්මින්ටන්, පාපැදි, බොක්සිං, පිහිණුම්, වොලිබෝල්. වූෂු, වෙඩි තැබීම, තයිකොණ්ඩෝ, බර ඉසිලීම, ජූඩෝ, ටෙනිස්, කරාටේ, කබඩි යන ශ්‍රී ලංකාව මෙම ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් කෙරෙහි වඩාත් විශ්වාසය තබා තිබෙන ක‍්‍රීඩා ඉසව්හි පුහුණුව සඳහා විදේශීය පුහුණුකරුවන් ගෙන්වීම කෙරෙහි ක‍්‍රීඩා අමාත්‍යංශය අවධානය යොමු කර ඇතැයි ක‍්‍රීඩා ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි.
කියුබාව, චිනය, රුසියාව, සිරියාව, ජපානය, ඉරානය, යුක්රේනය, ජර්මනිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවලින් ඒ සඳහා පුහුණුකරුවන් ලබා ගැනීමට දැන් සැලසුම් කර තිබේ.
වසර 2013 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ සහභාගිත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කාර්ය සාධක කමිටුවක්ද පත්කර තිබේ. මහාචාර්ය අර්ජුන ද සිල්වා, එල්මෝ පෙරේරා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා, රෝහිත වීරසිංහ, සී. රත්න මුදලි හා සජිත් ජයලාල් යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

