(මනෝප‍්‍රිය ගුණසේකර)
2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවයක් තිබු නිසා මසකට කිහිප වරක් භාන්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වු බවත් ඒ වන විට මහා භාණ්ඩාගාරයත්, ශ්‍රී ලංකා මහා බැංකුවත් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා අද (07) බැඳුම්කර කොමිසමට පැවසීය.
මේ වන විට එදා තිබු තත්වයටත් වඩා දැඩි අර්බුදයකට රට මුහුණ පා සිටින බවත් ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
බැඳුම්කර වෙන්දේසි වලට අදාළ ලේඛනවල අසත්‍ය සටහන් තබා තියෙනවා නේදැයි බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ප‍්‍රසන්න ජයවර්ධන මහතා ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

