අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති හා විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද බලධාරීන්ට නියම කළහ.
රජය මහජනයා හමුවේ අප්‍රසාදයටත් අපකීර්තියටත් පත් කිරීමේ අරමුණින් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ක්‍රියාව පිටුපස සිටිද්දැයි සොයා බැලීමට නියම කර ඇත.
විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇත.

