රටපුරා ගොවීහු උද්ඝෝෂණයේ


බදුල්ලේ ගොවින සේවා නිෂ්පාදන සහකාර නිලධාරීහු අද (9) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පොහොර සම්බන්ධයෙන් ගොවීන්ට බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.

ගොවිජන සේවා මධ්‍යස්ථාන 32ක නිලධාරීහු බදුල්ල බණ්ඩාරනායක මාවතේ සිට බදුල්ල නගර මධ්‍යයට පාගමනින් පැමිණියහ.

මේ අතර ගොවියාට ඇතිවී ඇති පොහොර සහනාධාර ගැටළුව, වී විකුණා ගැනීමේ ගැටළුව, ගොවීන් ලියාපදිංචි කිරීම ඇතුළු ගැටළු රැසක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තිස්සමහාරාම ගොවීහු පිරිසක් වීරවිල හංදියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

මහියංගනය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය හරස්කරමින්ද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 8ක නියෝජිතයෝ අද උද්ඝෝෂණයක නිරතවූහ.

DSC01034 DSC01037 DSC01044 DSC01054

ජායාරූප - නිමල් ජයරත්න

IMG_20160309_110731[1] IMG_20160309_111156[1] IMG_20160309_110537[1]

ජායාරූප- ප්‍රසාද් රුක්මල්