විගමණික ශ්‍රමිකයින්ගේ සියළු තොරතුරු අඩංගු ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ ස්ථාපිත කිරීමට කොළඹ ක්‍රියාදාමයේ සාමාජික රටවල එකඟතාවයෙන් ඉතා ඉක්මනින් පිහිටුවන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
ආසියා ශ්‍රමිකයින් යොමුකරන රටවලට මෙන්ම, එම ශ්‍රමිකයින් ලබාගන්නා රටවලට වැදගත් තීරණ රැසකට එළඹුණු බවද ඇය පැවසුවාය.
කොළඹ ක්‍රියාදාමයේ උසස් නිලධරයින්ගේ තෙවන වාර්ෂික සමුළුව දෙදිනක් පුරා පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාද අදහස් දැක්වීය.විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශ උපදේශිකා පත්මිණි රත්නායක, සභාපති රාජ්පාල් කුමාර් ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න,සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




