ඩයනා උදයංගනී
කළ යුත්තේ එල්ල වන විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේත් ජාතියේත් අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. රටක් ලෙස නැ`ගී සිටීමට නම් සියලූ දෙනා තුළම ආකල්පමය වෙනසක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා තිරසර සංවර්ධන ඉලක්ක සහ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ‘තිරසර ලංකා‘ ජාතික ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සමගාමීව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණින් මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
වස විස නැති ආහාර, සුප ශාස්ත‍්‍ර වැඩසටහන්, හරිත රැකියා පොළ ආදිය ඇතුළත් ප‍්‍රදර්ශන කුටි 1000ක් මෙම ප‍්‍රදර්ශණයට ඇතුළත් අතර පරිසරයට වන විනාශය නිසා අත්වන ප‍්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කරන චිත‍්‍රපට, තරබාරුකම අඩුකරන යෝග පාඨමාලා, නාට්‍ය, නව නිර්මාණ ප‍්‍රදර්ශන, සෞඛ්‍ය සායන, විද්වත් කතිකා, සංවාද ආදී අංග රැසක් මෙයට ඇතුළත්ය.

