රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන්


(අංජුල මහික වීරරත්න)

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය.

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය  2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව  අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එහිදී  අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය 

මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් ඵලදායිතා තරගාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  , රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන මහතා විසින් ද  ප්‍රකාශයට පත් පත් කෙරිණි.

"අපේ රට ආර්ථික වශයෙන් පහත වට්ටපු නිසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමටත් අපට සිද්ධ වුණා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත් තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත් තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

(ඡායාරූප සුමුදු හේවාපතිරණ)