ආනයනික සහල් දේශිය සහල් අසුරනවල බහා වෙළඳපොළට නිකුත් කිරිමේ දී මහා පරිමාණ ජාවාරමක් සිදු කෙරෙන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සංගමය පවසයි.
සහල් අසුරණ මාරු කිරිම මගින් එක් සහල් කිලෝවකින් රුපියල් 30 ක පමණ ලාභයක් උපයන බවද පාරිභෝගිකයා මුලා කරන බව ද මෙම ජාවාරම සිදු කරනු ලබන්නේ මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයකු විසින් යැයි ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

