රුපියල් පන්ලක්ෂ හැත්තෑපන්දහසක් වටිනා විදේශීය සිගරට් විසිතුන්දහසක් මාල දිවයිනේ සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනකුට රුපියල් දසදහස බැගින් දඩ නියම කළ රේගුව එම සිගරට් තොගය රාජසන්තක කළේය.
සැකකරුවෝ ගම්පහ සහ කඳාන ප‍්‍රදේශවල පදිංචි 35 සහ 55 වියැති පුද්ගලයෝ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මොවුහු අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 106 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ ගමන්මළු වල මෙම සිගරටි තිබූ බවත් රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහඳව මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකළහ.
.

