රට සල්ලි මල්ලක් සමග ව්‍යාපාරික රේගුවේ හිරවේ


රුපියල් හැත්තෑ හත්  ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ  සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි  දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර යුරෝ 22,500, ස්ටාලින් පවුම් 15,000 සහ  ජපන් යෙන් 1,000,000 ක් වෙයි.

අද උදෑසන සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන්  සිංගප්පුරුව බලා යාමට ගුවන්‍ තොටුපොළට පැමිණි අවස්ථාවේ   ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් ස‍ොයා ගත් බව රේගුව කියයි. ‍

මෙම මුදල් බන්ඩල 10 යක් වන සකස් කර කාබන් කොළ වල ඔතා තිබු බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ  කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා රෝ්ෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී  එම්.කේ උදය ගාමිණී සහ සහකාර රේගු අධ්‍යක්ෂක නුවන් අබේනායක යන නිලධාරීහු  සිදු කරති.

 1 2 3 4 5