රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සහිත ගමන් මල්ලක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
ඇමෙරිකා ඩොලර්, කුවේට් ඩිනාර්, කටාර් රියාල්, ස්ටාලින් පවුම්, සෞදි රියාල්, යුරෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් එහි වූ බව ද රේගුව කියයි.
සැකකරු සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර 18 වතාවක් පමණ යාම් ඊම් කර ඇතියි කියති.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී එස් පී අයි බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ලලිත් රණසිංහ, ඇලෙක්ස් පෙරේරා, කසුන් සූරියආරච්චි, කීර්ති හේරත්, සංජීව කරුණාරත්න, දිනූෂ හෙට්ටිආරච්චි සහ ප්‍රසාන්ත බෝපගේ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ සිදු කළේය.