රට විරුවන් ගැන වාර්ථා එළියට


(අංජුල මහික වීරරත්න)

2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සදහන් කරයි.

2024 වර්ෂයේ නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුණු මාස11 තුළ පුද්ගලයින් 291‚267  රැකියා සඳහා විදේශගත වී තිබෙන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9% ක ඉහළයෑමක් බව කාර්යංශය පවසයි.

ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයින් 274‚265  දෙනෙකු රැකියා සදහා පිටත් වී ඇත.

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශ ගත ශ්‍රමිකයින්  අතරින් 178‚914 දෙනෙකු ස්වයං මාර්ග ක්‍රමය යටතේ ලියාපදිංචි වී විදේශගත වී ඇති අතර 112‚853 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන මගින් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

වෘත්තීය කුසලතා රැකියා සඳහා 210‚108 දෙනෙකු හා අඩු නිපුණතා සහිත රැකියා සඳහා 81 159 දෙනෙකු පිටත්ව  ගොස් ඇත. 2024 විදේශ ගත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් 172‚746 ක් හා කාන්තා ශ්‍රමිකයින් 118‚521 නියෝජනය වේ.

මේ අතර, මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 71 210 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  48 083,  සෞදි රාජ්‍යයට 45 008, කටාර් රාජ්‍යයට 43104 රැකියා සඳහා විදේශ ගත වී තිබේ.ඊශ්‍රායෙල් රාජ්‍ය සඳහා 9146 ක්, ජපානය සඳහා  7983 හා දකුණු  කොරියාව සඳහා 6925 රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.