රට වටා මුහුද අවදානම්


දිවයින වටා මුහුදේ යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ධිවරය හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

පුත්තලමේ සිට මන්නාරම,කන්කසන්තුරේ, මුලතිවු,ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්,හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද ඉතා රළු විය හැකි බැවින් යාත්‍රා කිරීම අවදානම් ප්‍රදේශ බව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත්ව සිටින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.