රට ලියුම් කඩා සල්ලි අරන්


විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය.

මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පැවසුවේ සාධාරණ සැකයෙක් තොරව නඩුව ඔප්පු වී ඇති බවයි.

ජා-ඇල ඇන්තනී අප්පුහාමි 2003 නොවැම්බර හා 2004 නොවැම්බර කාලයේදී කොළඹ මරදාන මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම ලියුම් කඩා ඒවායේ තිබූ මුදල් සොරාගෙන ඇති බවයි.

සැකකරුගේ ඇගිලි සලකුණු ගන්නා ලෙස නියම කළ මහේස්ත්‍රාත් දඩුවම් නියම කිරීම මාර්තු 27 වැනිදාට කල් තැබීය.