විදේශ රැකියා සඳහා යන ශ්‍රීලාංකිකයන්ගේ සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකය සෙනසුරාදා (31) සිට වසා දැමෙන බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම ඒකකය සමග දිස්ත්‍රික් හා පළාත් විගමණික මධ්‍යස්ථානවල රැකියා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකද වසා දැමෙනු ඇත.
ඒ අනුව මෙතෙක් කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරිපිට අත්සන් කළ රැකියා ගිවිසුම අදාළ ශ්‍රමිකයා සහ රැකියා නියෝජිතයා අතර අත්සන් කෙරෙනු ඇත.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකක අහෝසි කළ නමුත් ගිවිසුම අත්සන් කළ යුතු බවත් එය අනිවාර්යය බවත් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා පැවසීය.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේදී මෙම ඒකකය සමග දිස්ත්‍රික් හා පළාත් විගමණික මධ්‍යස්ථානවල රැකියා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකද වසා දැමෙනු ඇත.
ඒ අනුව මෙතෙක් කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරිපිට අත්සන් කළ රැකියා ගිවිසුම අදාළ ශ්‍රමිකයා සහ රැකියා නියෝජිතයා අතර අත්සන් කෙරෙනු ඇත.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකක අහෝසි කළ නමුත් ගිවිසුම අත්සන් කළ යුතු බවත් එය අනිවාර්යය බවත් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා පැවසීය.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රමිකයින්ට සිදුවන අපහසුතා සළකා බලා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

