රට රැකියා සහන පැකේජය එයි


වසර දෙක සම්පුර්ණ කරන සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට විශ්‍රාමවැටුපක් සහ අනිකුත් පහසුකම් සහ සේවා  සහිත නව පැකේජයක් හදුන්වාදීමට යෝජනා කර ඇති බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන් ප්‍රකාශ කළබව සෞදි අරාබියේ අද (12)පළවූ “ඇරැබ් නිවුස්”පුවත්පත අනාවරණය කරයි. මව්බිමේ ජාතික සංවර්ධනයට දායකත්වයක් ලබාදීම මෙහි අරමුණ බවද සදහන් වෙයි. දැනටමත් මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවද පුවත් පත අනාවරණය කරයි.

අමාත්‍යංශ ප්‍ර කාශයට අනුව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම වැඩ සටහන දින 100 වැඩ පිළිවෙළ යටතේ ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීමට නියමිතය.මෙම වැඩසටහන මගින් වස‍ර 2 සම්පුර්ණ කරන ලද විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට ලබාදීමට නියමිත විශ්‍රාම වැටුපට අමතරව අනේවාසික විදේශ ඉතුරුම් ගිණුම් සදහා දැනට පවතින වාර්ෂික පොලියට අමතරව වාර්ෂිකව සියයට 2.5 පොලියක් ලබාදීමටද යෝජනා කර ඇති අතර විදෙස් ගතවන්නෙකු වෙදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සදහා අයකරන රුපියල් 226 ගාස්තුව 147 දක්වා අඩු කරන බවද පවසයි.

මෙම නව වැඩසටහන ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මැයි මාසයේ සිට විදෙස් ගතවන සියල්ලන්ටම මෙහි ප්‍රති ලාභ ලැබෙන බවද පවසයි.

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ගණන පන්ලක්ෂ පනස් දහසක් වෙන බව පෙන්වාදෙන පුවත්පත සදහන් කරනුයේ මැද පෙරදීග කලාපයේ ලක්ෂ 15ක් පමණ ශ්‍රී ලාංකිකයින් රැකියාව කරන බවයි.
 
DSC02432 DSC03632