නීති විරෝධී ලෙස රට පැටවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ පිරවූ ලොරි රථ තුනක් සමග සැකකරුවෝ හත් දෙනෙකු බියගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කැළණිය කඳවුර නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ නුවර, නුවර එළිය සහ ගම්පොළ යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
මෙම කසල තේ ගම්පොළ සිට කොළඹ වරායට රැගෙන එමින් තිබූ බව පොලීසිය කියයි.