රට යවන්න හැටකගෙන් සල්ලි අරන් : ප්‍රා මන්ත්‍රී සැකපිට


එතෙර රැකියා දෙන බව පවසා තරුණයින් හැට දෙදෙනකුගෙන් මුදල් වංචා කළැයි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කැනඩාව, ජපානය, බෲනායි, ඔස්ටි‍්‍රයා යන රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මෙසේ මුදල් ලබාගෙන ඇතැයි විශේෂ විමර්ශන ඒකකය කියයි.

කුරුණෑගල බුලුගල පදිංචි සැකකරු (65) තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කර ඇති ඇතැයි ද මොහු විසින් රැකියා අපේක්‍ෂිත තරුණයින්ට පවසා ඇත්තේ යුරෝපා රැකියා සඳහා කාර්යාංශයට ලැබෙන රැකියා කෝටා තමන්ට ලැබෙන බවයි. ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 450,000 ක් මුදලක් අවශ්‍ය බවත් ඔහු කියා ඇතැයි කියති.

ඒ සඳහා රුපියල් ලක්‍ෂ එක හමාරක ණය මුදලක් රජයේ බැංකු මගින් ලබාදෙන බැවින් මූලිකව අවශ්‍ය වන රුපියල් 56,000ක් තමන්ගේ බැංකු ගිණුමෙහි තැන්පත් කරන්නැයි රැුකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට සැකකරු පවසා ඇතැයි ද කියති.