විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මාස හයක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත් හිටවීය. රුපියල් 3000ක දඩයක්ද නියම කළේය.
පොළොන්නරුවේ පදිංචි විවාහකයකු වූ ඔහු අවිවාහකයකු බව කියමින් ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද රැකියාවේදී වැඩි වාසි ලබාගැනීම ඔහුගේ අරමුණවී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

