රට මත්පැන් සමග හතරක් දැලේ


දෙමටගොඩ හා වෙන්නප්පුවේ සිදුකළ වැටලීම් වලින් රට මත්පැන් බෝතල් 1000ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මත්පැන් බෝතල් සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර අවුරුදු 22ක් යුරෝපා රටක සිට පැමිණි අයකුද වෙතියි පොලිසිය කියයි.

මෙම මත්පැන් බෝතලයක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 3000ක් පමණ වෙතියි කියති.