රට බේරාගන්න බව මහින්ද කියයි


නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙනුවෙන් හිටපු තානාපතිවරයකු වන ආචාර්ය  දයාන් ජයතිලක මහතා හිටපු ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ගන්නා උත්සාහය මා සුබ පත්න්නේ රටට ලබාදුන් ජයග්‍රහණවලට යළි හිස නමා ගෞරවය පුද කරමිනි. අපේ ජීවිත අපේ ඊළඟ පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් මා සටනට එළඹෙන්නට තීරණය කළේ මේ රට බේරාගැනීමට කැපවෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව ප්‍රකාශ කරමි.‘‘.

හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, සී.බී.රත්නායක, ටී.බී. ඒකනායක ඇතුළු දේශපාලනඥයින් හා ජනප්‍රිය නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් රැලියට එක්ව සිටියහ.

රැස්ව සිටි ජනතාව ඇමැතු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ මහ මැතිවරණය එනතුරු අපායට ඉන්ටවල් එකක් ලැබී ඇති බවයි.

RDS_4407 RDS_4470 RDS_4571 RDS_4593 RDS_4595 RDS_4626