(අංජුල මහික වීරරත්න)
ඕනෑම තුරුම්පුවක් ඇදගන්න. නමුත් රට බුරුපිටියක් බවට පත් කරන සෙල්ලම වහා නතර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පැවැසීය.
තුරුම්පු කියා හැමවිටම බූරු කොලේ අදින්නට එපා යැයිද එම ක්‍රියාවෙන් හානිවන්නේ රටේ ජනතාවට බවද මහ ලේකම්වරයා කීය.
තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අකිල විරාජ් මහතා මේ බව පැවැසීය.
වර්තමානයේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව දරුණු අගාධයකට තල්ලු වෙමින් පවතින බව කී එජාප මහ ලේකම්වරයා අප සැමවිටම නායකයන් ලෙස කටයුතු කළ යුත්තේ සරල සිල්ලර අරමුණු සඳහා නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් බවද කීය.