රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය


ජවුෆර් ඛාන් 
මඩකලපුව කල්කුඩාවේ ඉදි කෙරෙන මත් පැන් කර්මාන්තශාලාවට විරෝධය පාමින් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අද (8)  දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
යහ පාලන ජාතික පෙරමුණ මෙය සංවිධානය කළේය.
මෙවැනි මත් ද්‍රව්‍යන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ඉදි කිරීමට නැගෙනහිර ජනතාව දැඩි විරෝධය දක්වන බව ජාතික පෙරමුනේ සභාපති එම්.එම්.අබ්දුල් රහුමාන් මහතා පැවසීය.

අවසානයේ උද්ඝෝෂකයෝ මඩකළපුව දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මියට සංදේශයක් ද බාරදුන්හ.