රට බංකොලොත් කර ණය අරන් උදම් අනා වැඩක් නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විසින් රට බංකොලොත් කොට දැන් ණයක් ගැනීම ගැන උදම් අනා වැඩක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව විසින් රටෙි සංචිත බිංදුවට බැස්සවූ අතර ඒ අර්බුදයෙන් ගොඩ එන්න ණයක් ලැබුණ බවත් මේ මුදල දෙන්න පැනවූ කොන්දේසි මොනවා ද කියා නොදන්නා බවත් කිරිඇල්ල  මහතා කීය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කොට  රටේ අධිකරණය ,ස්වාධීන මැතිවරණ කොමිසම සහ  මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ක්‍රියාදාමයක් ආරම්භ කර තිබෙන බවද කිරිඇල්ල මහතා පැවසීය.

විසි එක් වන සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ වලින් අධිකරණයට සහ උසස් නිල තල වලට ස්වාධීනත්වයක් ලැබුණ බවද දැන් ඒ  ස්වාධීනත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර නැති කරන්න හදන බවද කිරිඇල්ල මහතා කීය.