(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීම් හතළිස්පන්දහසක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම බිඳ වැටීම්වලින් විසිදහසක් පමණ ඊයේ සවස වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීමට යුහුසුලුව කටයුතු කරමින් සිටිති.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි බිඳ වැටීම පිළිබඳ ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
මේ හේතුවෙන් ceb care ජංගම දුරකථන යෙදුම cebcare වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාවන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

