රට පුරා පෞද්ගලික බස් වර්ජනයක් : ලංගම බස් දුවයි


රියදුරන් සිදු කරන වැරදි හතක් සඳහා රුපියල් 25000ක් දක්වා දඩ ගැසීම මුල් කරගෙන රට පුරාම අද (2) පෞද්ගලික බස් වර්ජනයක් ඇරඹීය. 

බොහෝ පළාත්වල සිසුන් පාසලට  පැමිණීම ද අඩු වී ඇත. පෞද්ගලික බස් රියදුරන් තිදෙනෙකු පැවසුවේ විසිපන්දාහ ගානේ ගෙවනනවාට වඩා වර්ජනය කර ගෙදරට වී සිටීම හොඳ බවයි. 

පානදුර බස් නැවතුම්පොළද පාලුවට ගොස් තිබිණි.

බස් වර්ජනය හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. 

මේ අතර බස් වර්ජනය හේතුවෙන් පාළුවට ගිය පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොළේ පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ද දැකිය හැකිවිය. සති අන්තය එළැඹෙන සිකුරාදා දිනයේ වෙනදා ගුණසිංහපුර බස් නැවතුම්පොළ එකම හිස් ගොඩකි. 

ඡායාරූප ලහිරු හර්ෂණ

IMG_4389 IMG_4390 IMG_4386IMG_1470IMG_1500

ජායාරූප - ඉෂංක සුනිමල්

DSC_9754i   DSC_9761i DSC_9763i DSC_9764i

DSC_9766i

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

DSC_9773i DSC_9775i DSC_9780i DSC_9786i