රට පැන සිටි කොල්ලකරු අල්ලයි


කොම්පඤ්ඤවීදීය නවම් මාවතේ  රුපියල් කෝටියේ  මංකොල්ලයේ  රට පැන සිටි  ප්‍රධාන සැකකරු  සංජීව පුෂ්පකුමාර  කටුනායක ගුවන්තොටුපළේදී  පෙරදින  අත්අඩංගුවට ගත් බවත්,  මේ වන විට  කොළඹ අපරාධ කොට්ඨාසයේ දී ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත්  කොළඹ අපරාධ කොට්ඨාසය අද (05)  කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට  දැනුම් දුන්නේය.

පොලිස් පරික්ෂක ආනන්ද අධිකාරී ,උප පොලිස් පරීක්ෂකවරුන් වන  මහේෂ් හේමන්ත, මේනක සෙනෙවිරත්න,පොලිස් කොස්තාපල්  සමීර රොෂාන් , ගයාන් අමිත්, දුලිප් අරවින්ද, මදුරප්පෙරුම චමින්ද සහ අශෝක්  කුමාර යන සෙසු සැකකරුවෝ  ලබන 12 වැනිදා තෙක්  යළි රිමාන්ඩ් කරනු ලබුහ.

වැල්ලවත්තරට සල්ලි හුවමාරුවක් පවත්වාගෙන යන කනපතිපිල්ලේ තෙවනේස්වරන්  මහතා බැංකුවෙන් මුදල් රැගෙන යද්දී 2013 වැනිදා කොල්ලුපිටියේදී මේ කොල්ලය සිදු විය.