මහරගම නුගේගොඩ ගංගොඩවිල කොහුවල ආදී ප්‍රදේශයන්හි සුප්‍රසිද්ධ පන්සල් කිහිපයක් ද ඇතුළු තැන් වලින් සුදු හඳුන් ගස් 21 ක් කැපු බව කියන පස් දෙනෙක් රුපියල් ලක්ෂ පහක හඳුන් ලී ද සමඟ නුගේගොඩ බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඉන්දියාවේ හා පකිස්තානයේ රෙදි වෙළඳුන් මාර්ගයේ සුදු හඳුන් රට පැටවීමේ ජාවාරමකට මේ පිරිස හවුල් දැයි සොයන බව පොලීසිය කියයි.

