ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව උපරිම කැපවීමෙන් කටයු කරන බව සභාපති මෙත්සිරි විජේරත්න පවසයි.
"ජනාධිපති තුමන්ගේ අප්‍රතිහත කැපවීම සහ අධිෂ්ඨානයෙන් වසර 30කටත් වඩා දීර්ඝකාලයක් ශ්‍රී ලංකාව වෙළාගත් කුරිරු යුද්ධය අවසන් කිරීමට හැකිවීමත් ඉන් පසුව සිදු කළ ලැබූ ශීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළත් නිසා ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේ ජීවන තත්වය ඉහළ නංන්වා තිබෙනවා.
මීට පෙර සිටි නායකයින්හට නොහැකිවූ මෙවන් ආශ්චර්යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සමත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ සන්ධාන රජයට එම දීර්ඝ කාලීන වැඩසටහන් බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවාසී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු දෙනාගේ සහාය ඕනෑ.


