රට ගිය බිරිය නුගේගොඩ ලොතරැයි කූඩුවේ


අට මාසයක දරුවා සැමියාට බාරදී රට රැකියාවකට ගිය පානදුර ප්‍රදේශයේ කතක ඇගේ අලුත් සැමියා සමග නුගේගොඩ ලොතරැයි කූඩුවක සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.

අවුරුදු 10කට පෙර රට ගිය ඇය වසර අටකට කලින් ලංකාවට පැමිණ හෝමාගම පුද්ගලයකු හා පවුල් කමින් සිටි බවත් පරණ සැමියා ඇය සොයාගෙන ඇගේ අලුත් සැමියාද සමග පොලිසියට රැගෙන ගිය නමුත් ඇය පරණ සැමියා සමග ජීවත් විය නොහැකි බව කියා ගිය බවත් ඇය තම දියණිය සමග වචනයක්වත් කථා නොකළ බවත් පොලිස් ආරංචි කියයි.

පවුල යළිත් එකතු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවද පොලිසිය පවසයි.