රට ගිය 350 ක් පෙට්ටියෙන් එති


මේ වසරේ මුල් මාස නවයේදී  විදෙස්  ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 349 දෙනකු  ජීවිතක්ෂයට පත්ව  ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එසේ මරණයට පත්ව  වුවන්ගේ  සිරුරු විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුලර්  සේවා ආයතනයේ මැදිහත්වීමෙන් මෙරටට  ගෙන්වා ඇති අතර ඉන් වැඩිම මළ සිරුර  සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ  සෞදි  අරාබියෙනි.

එහිදී මිය ගිය ලාංකිකයින් 110 දෙනකුගේ  සිරුරු ගෙන්වා ඇත.

මීට අමතරව කටාරයෙන් සිරුරු 47 ක් ද කුවේටයෙන් 36 ක් ද ඉතාලියෙන් 35 ක් ද එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් 26 ක් ද ඉන්දියාවෙන් 3 ක් ද වෙනත් විවිධ රටවල් වලදී මිය ගිය 92 කගේ සිරුරද විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා තිබේ.

සිදු වී ඇති මරණ අතුරෙන් 180 ක් ලෙඩ රෝග නිසා ද 75 ක් හදිසි අනතුරු නිසා ද19 ක්  දිවි නසා ගැනීම නිසා ද 70 ක් නිච්චය කැර ගත නොහැකි නිසා ද සිදු වී ඇත.

ගිය වසරේදී  විදේශයන්හිදී ලාංකිකයෝ 431 දෙනෙක් මිය ගොස් ඇත.