රට ගිනි තියන එස්.එම්.එස් යැව්වොත් අමාරුවේ


මහජනයා අතර ජාතිවාදී හා ආගම්වාදී හැගීම් අවුස්සන ආකාරයේ කෙටි පණිවුඩ යැවූ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ  පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

එවැනි කෙටි පණිවුඩ සකස් කර මුදා හරින්නන් අත්අඩංගුවට ගැනීමට නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරම්භ කර ඇත.

මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කරන්නන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලයි.

011 23 20 145

011 23 20 141