රට ගැන සිතා 19ට අත උස්සන්න


‘‘සමහරු මට චෝදනා කරනවා මිනිහ පණ මදි නිසා නායකත්ව ලක්ෂණ නෑ කියනවා. ඇයි මෙහෙම කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය හදපු කාලේ ඉදලා ඇතිවෙච්ච සංස්කෘතියක් ජනතාවගේ හදවතට ඇතුළු වෙලා තියෙනවා. දැකලා තියෙන්නේ සෙනග පිරිවරාගෙන බලය භාවිතා කරන නායකයන්.  මේ රටේ ජනතාව මාව පත්කර ගත්තේ මේ තනතුරේ වැජබෙන්න නෙවෙයි. සමහරු බුක්ති වින්දේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය

දින සියයට මොනවද කළේ කියලා අහනවා. පෝස්ටරුත් ගහල තියෙනවා දින සියය විවේචනය කරමින් මම ජනතාවට දුන් පොරොන්දුව අබ පියල්ලකින්වත් කඩන්නේ නැහැ කියා මම කියනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම ඉල්ලනවා රටේ ජනතාව වෙනුවෙන් මානවහිතවාදය වෙනුවෙන් 19 වැනි ව්‍යවස්ථාවට අත උස්සන්න කියා. “

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද සවස විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිරි පළාත් නියෝජිතයන්ගේ හමුව අමතමිනි.