කදුකරයේ වගා කර ඇති යුකලිප්ටස්,පයින් ටර්පන්ටයින් ආදී ගස් වර්ග මුලූමනින්ම ඉවත් කර ඒවා වෙනුවට දේශීය ආදේශක ශාකන් වගා කිරීමට මධ්‍යම පළාත් සභාව සැරසේ.
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම,ජලසම්පාදන හා පරිසර ඇමති නිමල් පියතිස්ස මහතා පවසන්නේ මේ සදහා ඉක්මනින් පියවර ගන්නා බවයි.
දැව හා ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ආනයනය කර වගා කර ඇති විදෙස් ශාඛ වර්ග නිසා කදුකරයේ ජෛව විවිධත්වය පවතිනුයේ අවදානමකට ලක් වී බලපෑම් එල්ල වී ඇත.