රට කන්නන් ගැන මල්වතු මහා නා හිමියෝ කියති


‘’අද මේ රටේ වන රක්ෂිත විනාශ කරන්නේ කවුද?ගංගා ඇළ දොළ වැලි ගොඩ දමනුයේ පරිසරය වනසන්නේ කවුද?ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ගේ අයම නේද?’’

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියන් එසේ පැවසුයේ  ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් විජේනායක මහතා අමතමිනි.

 මධ්‍යම පළාත් සභාවට රජයේ අපේක්ෂකයකු වශයෙන්  ඔහු තරග කිරීමට යයි.

 ‘’පළාත් සභාවල ඉන්න සමහරුන් කළ වැඩ ගැන පුදුම හිතෙනවා . එවැනි යුගයක උගතුන් මෙහෙමවත්  එවැනි තැන්වලට යනවානම් හොදයි.’’ යනුවෙන්ද  මහ නා හිමියෝ කීය.