කොකේන් කරල් 87 ක් ගිල දමා බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මෙරටට පැමණි වෙනිසියුලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් තොටුපොළ රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය 62 දෙහැවිරිදි වියේ පසුවන බව රේගුව කියයි.
විදේශීය කාන්තාවක් මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන බවට ලැබුන තොරතුරක් මත රේගුව ඇය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් ඇය අත් අඩංගුවට ගෙන එක්ස් කිරණ පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන ඇත.
ඇයගේ උදරයේ කොකේන් අඩංගු කරල් 87 ක් ඇති බව රේගුව කියයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඇය රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මීගමුව රෝහළට ඇතුලත් කර ඇය ගිල දමා ඇති කොකේන් ගුලි පිටතට ගැනීම සිදු කරන බවයි.

