රට ඇද්ද සල්ලි ලංකාවට අදී


 

නීති  විරෝධි  ලෙස අත්පත්   කර   ගත්  රාජ්‍ය   වත්කම්  ආපසු  සොයා රාජ සන්තක  කිරිම  සඳහා  වන විශේෂ ජනාධිපති   කාර්ය  සාධක බළකායක්  පිහිටවේ. ඇතැම් දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් ගසා කන ලදැයි කියන ධනය විදේශ  බැංකුවල තැන්පත්  කර  ඇතැයි පසුගිය ජනපතිවරණ සමයේ  කියවිණි. එම ධනය සොයා  දීමට  ඇමරිකාව, ඉන්දියාව හා  සීෂේල්ස් රාජ්‍යය දැනටමත් ශ්‍රී  ලංකාවට  සහාය පළ කර ඇත. අල්ලස්  හෝ  දුෂණ කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල්  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙම බළකායේ   සාමාජිකාවකි. ඇය ද සෙසු  සාමාජිකයෝ 12 දෙනා ද  මෛත්‍රීපාල  සිරිසේන ජනපති   අතින්   පත්විම් ලබා ගත්හ. හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති  නීතිඥ බිම්බා  තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජයරත්න, අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ජී.අරන්දර,එල්.එස්.පතිනායක,කල්‍යාණි දහනායක,ජගත් පී  ජයවීර,පී.එන්.ජයවර්ධන,සි.ඒ.ප්‍රේම ශාන්ත,යසන්ත කෝදාගොඩ හා  ජේ.සී.වැලිඅමුණ ඔවුහුය.