තම අමාත්‍යංශයේ රාජකාරි කාර්යක්ෂමව කිරීමට ඉඩ සලසා දෙන ලෙසත්, එලෙස ඉඩ නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සිදු වන බවත් දන්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යැවීය.
තමන්ට නොදන්වා අමාත්‍යංශයට අදාල තීන්දු තීරණ ගෙන ඇති බවත් විජේසිංහ මහතා කියයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ක්ෂණිකා හිරිඹුරේගමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් ඇමැති කබීර් හෂීම් මහතා දැන්වීයැයි ද, ඒ අනුව ඇය ඉල්ලා අස්වූ බව ද ඔහු කියයි.

