රජරටට බවුසරේ පිහිටයි : කුට වෙළෙන්දෝ වතුරෙනුත් ගසා කති


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  නියඟය සමඟ පානීය ජල අර්බුදය නිසා  පීඩාවට  පත්ව සිටින පවුල්  දසදහසකට ආසන්න පිරිසකට  බවුසර්  15 ක් මගින්  පානීය ජලය බෙදාහරින බව දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ සහකාර  අධ්‍යක්ෂ උපුල්  නානයක්කාර  මහතා පවසයි.

වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර යන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස හයක පවුල්  පානීය ජල අර්බුදයෙන් පිඩා විදිති.

පානිය ජල ලිටරය රුපියල්  හතළිහකට ද ලීටර  30 ජලය සහිත බුලියක් රුපියල්  200 -250 ත් අතර  මිලකට ජලය අලවි කරතියි වැලිකන්ද දිඹුලාගල ගම්වාසීහු පවසති.

DSC03755 prakrama03