රජරට සිසුන්ට සමාව දෙන්නැයි ජනපති කියයි


රජරට සරසවි සිසුන්ට සමාව දී ඉක්මණින් සරසවිය විවෘත කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී රජරට උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

සිසු පිරිසක් පසුගිය දා උප කුලපති ඇතුළු ගුරුවරු සමූහයක් දවසකට ආසන්න කාලයක් කාර්යාලයයේ සිර කරගෙන සිටියහ.

ඒ සම්බන්ධයෙන් නඩුවක් ද අධිකරණයේ පවතී.

‘විශ්ව විද්‍යාලය වසා තැබීම නිසා සියයට 95ක් ළමයින් දුක් විඳිනවා. සිසුන්ට නීතිය අතට ගන්න දෙන්න බෑ. ඔවුන් කළ යුත්තේ ඉගෙන ගන්නා එකයි. වැරදීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. ඒ නිසා මේ ළමයින්ට සමාව දී නැවත විශ්ව විද්‍යාලය විවෘත කරන්න.‘

ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා මීට පෙර වැරදි කළ සිසුන් 200කට පමණ සමාව දුන්නේය.