රජරට සරසවියේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව වසාදමයි


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව අද (29) සිට වසා දැමු බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහවාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසිය.

සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය,කළමණාකරන පිඨය,ව්‍යවහාරික විද්‍යා පිඨය සහ තාක්ෂණ විද්‍යා පිඨය මෙසේ වසා දමා ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ සියළුම නේවාසික වල සිසුන්ට අද(29) උදැසන දහයට පෙර ඉවත් වන ලෙසද පාලනාධිකාරිය විසින් සිසුන්ට දැනුම් දී තිබුණි.

රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පසුගිය 27 දින පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිමින් උද්ඝෝෂණය කිරිමේ හේතුවෙන් පරිපාලන කටයුතු කිරිමට ඇති අපහසුව නිසා රජරට විශ්ව විද්‍යාලය දින නියමයක්  නොමැතිව වසා දැමිමට තිරණය කල බව මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසිය.

විශ්ව විද්‍යාලය වසා දැමුවද සිසුන් පිරිසක් තවමත් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිති.