(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත්කිරීමේදී භාරධූර පුළුල් දැක්මක් පවතින අන් අයට ආදර්ශයක් විය හැකි පුද්ගලයකු පත් කරන්නැයි එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන නම් අතර එම ධූරයට නුසුදුසු ආචාර්යවරයකුගේ නමක් තිබෙන අතර ඔහු පත් නොකරන්නැයි ඉල්ලා සිටින බවද එම ආචාර්යවරුන් පිරිස ජනාධිපතිවරයා වෙත කර ඇති ලිඛිත ඉල්ලීමෙහි සඳහන් වේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපත්ති සහ ආචාර ධර්මවලට එරෙහි විනය විරෝධී ක්‍රියා රැසකට එම ආචාර්යවරයා සම්බන්ධවී තිබෙන බවද වරක් ඔහු වසර දෙකක වැඩතහනමකට ලක්ව සිටි අයෙක් බවද එහි සඳහන් වේ.
එම ආචාර්යවරයා රජරට විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ලෙස සිටියදීම එම විභාගයේ අපේක්ෂකයකු ලෙස පෙනී සිට වරදකරුවකු වී සිටින බවද රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිස ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් වේ.

