රජරට වෛද්‍ය සිසුහු පිරිසක් මැර වැඩට බර වෙති


රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනීමෙන් පසු පහර කෑමට ලක්වී යැයි කියන සිසුහු දෙදෙනෙක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.

සාලියපුර වෛද්‍ය පීඨයේ ප්‍රධාන දොරටුව අසලදී වෑන් රියකින් ආ පිරිසක් සිව්වැනි වසරේ සිසුන් කීප දෙනකුට පහර දුන් බව අනුරාධපුර පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම පහරදීමට හේතු මෙතෙක් අනාවරණය වී නැති අතර ඊට එරෙහිව වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු  යොදා ඇතැයි රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති එන් එන් පී ජයසිංහ මහතා කියයි.