වවුනියාවේ සිට මාතර දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය අද පෙරවරු 5.40 ට පමණ තඹුත්තේගම මුසල්පිටිය ප්‍රදේශයේ දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මණ්ඩලය කියයි. දුම්රිය මාර්ගයට බරපතල ලෙස හානි සිදුව ඇත. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයෙ ගමනා ගමනය සම්පූර්ණයෙන් ම නතර වී ඇති අතර කොළඹ සිට ගමන් ගමන්නා දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය පාලක මණ්ඩලය පවසයි. අනතුර සිදුව ඇත්තේ මුසල්පිටියේ වෙල්යාය මැද බැවින් එහි සිටි මගීනට කිලෝ මීටර් 3ක් පමණ දුරක් ගෙවා තඹුත්තේගම නගරයට පැමිණීමට සිදුව ඇත.




