‘රජයත් විපක්ෂයත් එකතු වී අද ගමනක් යන බව පේනවා තම පක්ෂවලට කිට්ටු වී කටයුතු කරන අයට පමණයි, මේ දෙගොල්ලන්ගේම සැළැකිල්ල.ගැත්තනට පමණක් වැඩ කරන සංස්කෘතියක් තමයි මේ දගොල්ලන්ටම තියෙන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්යේ නායක ජනරාල් සරත් ෆොන්සේකා දඹදෙණීයේ ප්‍රචාරක රැළියක් අමතමින් එසේ කීවේය.
වයඹ පළාත් සභා මැතිවරණයට තම පක්ෂය ගිනි සිළුව යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද කීය.යුද ජයග්‍රහණයට පාර කැපුවේ යම්සේද සිර ගත කිරීමෙන් පසුව හැම දුකක්ම විද දරා ග්තතේ යම්සේද ඒ සියලු අත්දැකිම් දැනුම හා අද්දැකීම් තැලී පොඩි වී දුක් විදින ජනතාවගේ ජයග්‍රහණය උදෙසා කැප කරන බවද ඔහු කීවේය.