රජයේ සේවකයිනට 5000ක්


රජයේ සේවක වැටුප රුපියල්  පන්දහසකින්  ලබන 29 වැනිදා  අනිවාර්යෙන්ම වැඩි කරන බවත් , ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ ඇති බවත් , ළදරු ආහාර හා අත්‍යශව්‍ය භාණ්ඩ මිල අඩු කරන බවත්  ප්‍රතිපත්ති සම්පාදන  හා ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා  අද  (25) කොස්ගම කනන්පැල්ල සුමනාරාම විහාරස්ථානයේදී පැවැසීය. 

‘විසි නව වැනිදා අය වැය ඉදිරිපත් කරන්නේ  මුදල් ඇමැති රවී කරුණානායක මහතා.නමුත් අද මම මේ ඉඟිය මහජනයාට දුන්නා යැයි එතුමා අමනාප වෙන එකක් නෑ. ‘